ඉතිහාසය

චන්දසෙල  පිරිවෙන් සඟ පරපුර 

රිදි විහාර පරම්පරාව 
රිදී විහාරාධිපති මහ තිබ්බටුවාවේ හිමිපාණන්‌ වහන්සේ
තත් ශිෂ්‍ය අහුගොඩ රේවන නාහිමිපාණන්‌ වහන්සේ
තත් ශිෂ්‍ය පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ 
නායක අහුගොඩ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ


 තත් ශිෂ්‍ය වළාකුල්පොල ඉන්දසාර නාහිමිපාණන්‌ වහන්සේ

තත් ශිෂ්‍ය අහුගොඩ ගුණාන්ද හිමිපාණන්‌ වහන්සේ

තත් ශිෂ්‍ය පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ 
නායක අහුගොඩ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් වහන්සේ


තත් ශිෂ්‍ය දඹදෙණි හත්පත්තුවේ  ප්‍රධාන සංඝනායක
පනලියේ ශ්‍රී සංඝාණන්ද නාහිමිපාණන් වහන්සේ
යාගොඩ සිරිනිවාස හිමිපාණන් වහන්සේ 
පනලියේ සුමංගල හිමිපාණන් වහන්සේ 

තත් ශිෂ්‍ය දඹදෙණි හත්පත්තුවේ  ප්‍රධාන සංඝනායක 
මාන්කඩවල සුමන නාහිමිපාණන් වහන්සේ (වත්මන් විහාරාධිපති)

 “පොතුහැර චන්දසේල පිරුවන වනාහි වැල්ලෑවේ විහාරාධිපතිව වැඩවිසූ වත්තේගෙදර උපනන්ද ස්වාමීන්ද්‍රයන් විසින් මාවතගම සෝභිත, නුංගමුවේ සුමංගල, ඇකිරියගල දේවමිත්ත, මහාතාන්නේරියේ සාරානන්‍ද, පොල්පිටියේ ධම්මරංසි යන පස්දෙනා වහන්සේගේ සහායත්වය ද ඇතිව අස්ගිිිිරිය මහා විහාරාධිපතිව වැඩවිසූ ගුන්නෑපාන ශ්‍රී ධර්මසිද්ධි සරණංකරාභිධාන මහානායක මාහිමියන්ගේ හා පෑලියගොඩ විද්‍යාලඞ්කාර පරිවේණාධිපතිව වැඩ විසූ ලුණුපොකුණේ ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන ප්‍රධානනායක මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ව්‍යවහාර වර්ෂ 1925ක් වූ ජනවාරි මස 29වෙනි දින ගරුතර මැදගම සිරිගුණරතන, කිරිවත්තුඩ ුවේ ශ්‍රී ප්‍රඥාසාර, අහුගොඩ ශ්‍රී සීලානන්ද 

බබුරුගම පියරතන යන සිව්දෙනා වහන්සේ ලවා පැවිදි ගිහි ශිෂ්‍යයන ් 14දෙනෙකුට පොත් කියවීමෙන් හඳුගල විහාරස්ථානයේදී ආරම්භ කළහ. නැවත මෙම පිරුවන පොතුහැර ට ගෙනයාමේ අදහසින් ආරම්භ කළ හෙයින් මුල්ඉඩම සිහිවීම සඳහා හඳුගල යන අත්‍ථාන්විත ‘චන්‍දස‌ෙල’ යන නාමය තබන ලදි.”

හඳුගල විහාරස්ථානය පිරුවනකට අයෝග්‍ය භූමියක් වූ හෙයින් හේනේපොල බණ්ඩා, පුංචිබණ්ඩා මුදියන්සේ යන මහතුන් වෙතින්  කුඩා ඉඩමක් ලබාගෙන 1925 ජූලි මස 05වෙනි දින ආර්-පී.එස්. වෛද්‍යශේඛර මහතා, මත්තෙස්බණ්ඩා ආරච්චි මහතා, අම ුණුගම අවුසදහාමි ආරචිච්, ඩී-බී. තෙන්නකෝන්  මහතා ආදි වැදගත් පිරිසක් හඳුගලට ගොස් පෙරහරකින් අහුගොඩ ශ්‍රී ්‍ලානන්ද නාහිමියන් පොතුහැරට වැඩමවාගෙන ආහ- පිරුවන පිහිටුවීමට සුදුසු භූමිය පොතුහැර වාසය කළ මාලවන වෛද්‍යසේඛර මහතා තවත් පිරිසක ් එක්ව පොතුහැර අඩි 350ක් පමණ උස රමණීය කඳු ශිඛරයක පහත කුඩා කඳුගැටයක ් සහිත පර්වත භූමියට අහුගොඩ ශ්‍රී සීලානන්ද නාහිමියන් සමග පැමිණ නිරීක්ෂණය කළහ. මෙම භූමියට අයත් ඉඩම් හිමිකරු වූ හේනේපොළ බංඩා උපාසක මහත්මා පිරුවන ආරම්භ කිරීමට තම ඉඩම පූජාකළ අතර ඉන්පසු මෙම ස්ථානයේ පැවති ඝණකැලෑව එළිපෙහෙළිකොට නාඔරුවාකන ්ද ගල් පර්වතයේ පිහිටා තිබෙන කුඩාගල් ගුහාව ශුද්ධ පවිත්‍ර කළහ. ගල් ගුහාව ඉදිරිපසින් මෙම පිරුවන ආරම්භ කිරීමට අහුගොඩ ශ්‍රී සීලානන්ද නාහිමියන් අදහස් කළ අතර ඒ්අනුව උණලීවලින් සාදා පැලලී අහුරා පොල්අතු පියස්සක ් සාදා තිබුන කුඩා ආවාසයෙහි පදිංචි කරවා පොල්අතු පැලක ව්‍යවහාර වර්ෂ 1925 ජ ූලි මස 06වෙනි ද ින වස් සමාදන ්ව 07වෙනි දින ඉගැන්වීම් කටයුතු ආරම්භ විය. ආරම්භයේ සිට මාස 06ක් පමණ වනතුරු මුලින් කී කුටිය පමණක් පැවති අතර ඉන්පසු ක්‍රමයෙන් පිරුවන ගොඩනැගීම් ආරම්භ විය.

No comments:

Post a Comment